පසුගිය කාලයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ කාණ්ඩ හැටකට ආසන්න ප්‍රමාණයක මිල නියාමනය සඳහා ගැසට් පත්ව නිකුත් කළ අතර මෙම ඖෂධ කාණ්ඩ හැට යටතේ විවිධ වෙළඳ නාමයන්ගෙන් යුත් ඖෂධ වර්ග හත්සීයක් පමණ මිල පාලනයට යටත්ව ඇත.
එහෙත් මිල පාලනයට යටත් නොවූ තවත් විවිධ වෙළෙඳ නාමයන්ගෙන් යුත් ඖෂධ හත්දහසකට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා පෞද්ගලික හා රජයේ ඔසුහල්වල අලෙවි කරන අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස දිගුකාලීනව ඖෂධ ලබා ගන්නා රෝගීන්ට අදාළ ඖෂධ සඳහා මාසිකව දැරිය යුතු පිරිවැය දැඩි ලෙස ඉහළ යමින් පවතින බවද ඔහු පෙන්වා දෙයි.
ඖෂධ නියාමන අධිකාරිය පෞද්ගලික ඔසුහල් හා ඖෂධ සමාගම් අතර එකඟතාවයකින් යුක්තව මෙම මිල පාලනය සඳහා කඩිනමින් කටයුතු කිරීමේ වැදගත්කම හෝ පෙන්වා දෙන අතර තැනට මේ සම්බන්ධව අධිකරණය හමුවේ පවතින අධිකරණමය කටයුතු පොදු මහජනතාවගේ යහපත වෙනුවෙන් කඩිනමින් විසඳා ගැනීමට අදාළ පාර්ශව උනන්දු වීම වැදගත් බව ද ඔහු පවසයි.
ඖෂධ මිල පාලනය සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දී ඇති අතර මෙම මිලම සූත්‍රය සම්බන්ධයෙන් ඇතිවී ඇති අර්බුදකාරී වාතාවරණය මැද මේ දක්වා ඖෂධ මිල පාලනය සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රතිපත්තියකට එළැඹීමට බලධාරීන් අසමත්ව ඇත.
දැනට දිවයින පුරා පෞද්ගලිකව ඔසුහල්වල ද සැලකිය යුතු ඖෂධ ප්‍රමාණයක හිගයක්ද පවතින බැවින් පිළිකා රෝගීන් අතුළු දිගුකාලීන රෝගාබාධ වලින් පෙළෙන පුද්ගලයන්ට ඖෂධ ගෙන්වීම සඳහා විදේශ රටවල්වල පුද්ගලික සහය ලබා ගැනීමට සිදුව ඇති බවද වෛද්‍යවරයා සඳහන් කරයි. මෙයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ දැනටමත් මෙරට ක්‍රියාත්මක වූ ප්‍රධාන පෙළේ ඖෂධ සමාගම් රැසක්ම තම සැපයුම් සහ ඇනවුම් ශ්‍රී ලංකාව වෙත සිදුකිරීම නතර කර ඇතිවීමයි. ඖෂධ සමාගම් රැසක්ම පසුගිය කාලයේදී ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් නතර කරන ලදී.