මෙම සැත්කම කඩිනමින් සිදුකිරීම වඩාත් සුදුසු බවත් ඔහු පෙන්වා දුන්නේය.
වෛද්‍ය බෙල්ලන මහතාට අනුව, රනිල් වික්‍රමසිංහ මහතාට මෙම සැත්කම රජයේ රෝහලකදී කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුවේ.
එසේ නොමැති නම්, ඔහුට පෞද්ගලික රෝහලක් වෙත ගොස් ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථාව තිබේ.
“ඔහුට සංකූලතා ටිකක් තියෙනවා හෘද වස්තුවේ. ඒ්කට ඔහුව ඉක්මනින්ම ශල්‍යකර්මයකට යොමුකරනවා නම් හොඳයි. ඒ ශල්‍යකර්මයට ඔහුට ඇප ලැබුණ නිසා ඔහුට හැකියාව තියෙනවා ඔහු කැමති රෝහලකට යන්න. ජාතික රෝහලේ පොරොත්තු ලේඛනය සමහර වෙලාවට අවුරුදු 3ක් විතර. ඒ් නිසා ඔහුට පුද්ගලිකව වියදමක් දරා ඔහු කැමති රෝහලකින් ඉක්මනින් සිදුකළ ගත හැකියි. දැනට ඔහුට කිරීටක ධමනියවල අවහිරතාවයක් තියෙනවා කියලා වාර්තා වෙනවා. විජලන තත්ත්වයකුත් තියෙනවා. එය ක්‍රමානුකූලව එම තත්ත්වය පහව යනවා. ඒ තත්ත්වය තුළ අපිට සොයා ගන්න පුළුවන් වුණා හෘදවස්තුව දුර්වලයි කියලා.එයට ශල්‍යකර්මයක් සිදුකිරීම තුළින් යථාතත්ත්වයට පත්කර ගන්න වෙයි.”