සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳාම සඳහා වන එක්සත් රාජධානියේ යෝජනා ක්‍රමය (DCTS) යටතේ, ශ්‍රී ලංකාව Enhanced Preference රටක් ලෙස ප්‍රතිලාභ ලබයි.
නව නීති යටතේ, ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයින්ට ඇඟලුම් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ආදාන ද්‍රව්‍ය (inputs) සියයට 100ක් දක්වා ඕනෑම රටකින් ලබා ගැනීමට අවසර ලැබෙන අතර, එක්සත් රාජධානියට තීරුබදු රහිත ප්‍රවේශය ද පවත්වා ගැනීමට හැකි වනු ඇත.
මෙහිදී ශ්‍රී ලංකාවේ සැලකිය යුතු නිෂ්පාදන ක්‍රියාවලි දෙකක් (උදාහරණයක් ලෙස රෙදි සහ ඇඟලුම් නිෂ්පාදනය) සිදු කළ යුතු බවට තිබූ රීතිය ඉවත් කර ඇත.
දැනට පවතින නීතිවලට අනුව, ආදාන ද්‍රව්‍ය දකුණු ආසියානු කලාපයෙන් ලබා ගන්නේ නම් පමණක් ශ්‍රී ලංකාවේ ඇඟලුම් සඳහා තීරුබදු රහිත ප්‍රවේශය හිමි වේ.
එක්සත් රාජධානියේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළෙඳ යෝජනා ක්‍රමය (DCTS) යටතේ, ශ්‍රී ලංකාවට ඇඟලුම් සඳහා වන නිශ්චිත නීති මාලාවක් පිරිනමනු ලබන්නේ අඩු ආදායම් ලබන රටවල් සඳහා වන නීතිවලට සමානවය.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා පැවසුවේ මෙම වෙනස්කම් ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට සැලකිය යුතු ධනාත්මක බලපෑමක් ඇති කරන අතර, එක්සත් රාජධානියේ වෙළෙඳපොළේ මිල අඩු කිරීමටද උපකාරී වනු ඇති බවයි.
බ්‍රිතාන්‍යය සමඟ ව්‍යාපාර කටයුතු පිළිබඳ කවුන්සිලයේ සභාපති මාර්ක් සර්ජිනෝර් මහතා සඳහන් කළේ මෙම වෙනස්කම් මගින් එක්සත් රාජධානියට ශ්‍රී ලංකාවේ අපනයන තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි.
DCTS යෝජනා ක්‍රමය මගින් සංවර්ධනය වෙමින් පවතින රටවල් 65කට වෙළෙඳාම් කිරීමේ අවස්ථා සලසා දෙයි. එය බහු නිෂ්පාදන කාණ්ඩ හරහා සැලකිය යුතු තීරුබදු අඩුකිරීම් ලබා දෙයි.
2025 ජුනි මාසයේදී එක්සත් රාජධානිය විසින් නව ආසියානු කලාපීය සමුච්චිත කණ්ඩායමක් පිහිටුවන ලද අතර එයට රටවල් 18ක් ඇතුළත් වේ. මෙම කණ්ඩායමේ රටකින් ලබා ගන්නා ආදාන, ශ්‍රී ලංකාවේ අවසාන සැකසුම් හෝ නිෂ්පාදන කටයුතු සිදුවන්නේ නම්, ඒවා ශ්‍රී ලංකාවෙන් ආරම්භ වූ ද්‍රව්‍ය ලෙස සලකනු ලැබේ.
නව DCTS ආසියානු කලාපීය සමුච්චිත කණ්ඩායමට ඇතුළත් රටවල්:ඇෆ්ගනිස්ථානය
බංග්ලාදේශය
භූතානය
කාම්බෝජය
ඉන්දියාව
ඉන්දුනීසියාව
කිර්ගිස්ථානය
ලාඕසය
මොංගෝලියාව
මියන්මාරය
නේපාලය
පකිස්ථානය
පිලිපීනය
ශ්‍රී ලංකාව
ටජිකිස්ථානය
නැගෙනහිර ටිමෝරය
උස්බෙකිස්ථානය
වියට්නාමය එක්සත් රාජධානිය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කර ඇති නිසා DCTS සඳහා සුදුසුකම් නොලබයි
සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළඳ යෝජනා ක්‍රමය මගින් සංවර්ධනය වෙමින් පවතින රටවල් 65ක් සඳහා වෙළඳ සහන සපයයි.