විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා උත්සවයක් අමතමින් සඳහන් කළේ, වසරේ මුල් මාස හය තුළ සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7ක් බවයි. එමෙන්ම, වසරේ දෙවන අර්ධයේදී ද ඒ හා සමාන ආදායමක් උපයා ගත හැකි වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කර ඇත.
කෙසේ වෙතත්, මාධ්‍ය හමුවකදී සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ, මහ බැංකු වාර්තා අනුව මුල් මාස හය තුළ සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් බවයි. ජූලි මාසයේ දත්ත මෙම වාර්තාවට ඇතුළත් නොවන බවත්, එම දත්ත ලැබුණද එවැනි ඉහළ ආදායමක් (ඩොලර් බිලියන 3.7ක්) ලැබී ඇතැයි තමන් නොසිතන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
“මම හිතන්නේ මහ බැංකු දත්ත මත අපිට තියෙන්නේ ජූනි මාසයේ අවසාන වෙනකන් විතරයි. ජූලි මාසයේ ගණනය කිරීම් ඇතුළත් වෙලා තිබුණේ නෑ. ඒ අනුව මහ බැංකු වාර්තාවේ සඳහන් වෙන්නේ ජූනි අවසාන වෙනකොට ශ්‍රී ලංකාවේ සංචාරක ඉපයීම් ඩොලර් බිලියන 1.7ක් කියලා. ඒක තමයි නිවැරදි දත්තය. විශාල පරතරයක් දකින්න පුළුවන් ඇමතිවරයාගේ සඳහනත් එක්ක ජූලි මාසයේ සම්පූර්ණයෙන් අපිට ඒ තරම් ලැබෙන්නේ නැතිව ඇති කියන අදහස තමයි මට තියෙන්නේ”
මෙම ප්‍රකාශයන් දෙකෙහි වෙනස නිසා සංචාරක ආදායම පිළිබඳ නිවැරදි තොරතුරු සම්බන්ධයෙන් යම්කිසි අවිනිශ්චිතතාවක් ඇති වී තිබේ.