Slider

සීනි බදු වංචාව පරදන අර්තාපල් බදු වංචාවක්….



විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට චෝදනා කරන්නේ අර්තාපල් හා ලූනු සඳහා පනවා ඇති බදු හේතුවෙන් ගොවීන්ට කිසිදු සහනයක් හෝ ප්‍රතිලාභයක් නොලැබෙන බවයි.

ඔහු පෙන්වා දෙන්නේ සීනි බදු වංචාවට සමාන වූ අර්තාපල් බදු වංචාවක් සිදුවී ඇත්දැයි රජයෙන් ප්‍රශ්න කරන බවයි.

ඔහු තවදුරටත් සඳහන් කළේ, දේශීය බී ලූනු වගාකරුවන් රැකගැනීමේ අරමුණින් බදු පැනවූවද, ඊට පෙරම විශාල වශයෙන් බී ලූනු තොග රටට ආනයනය කර ගබඩා කොට අවසන්ව තිබූ බවයි.

එමෙන්ම, ගොවියාට බදු සහන අවශ්‍ය මොහොතේදී එය ලබා නොදීමට රජයට තිබූ අදක්ෂකම හේතුවෙන් සමස්ත ගොවි ජනතාවම විපතට පත්ව ඇති බවට විපක්ෂ නායකවරයා දැඩිව පෙන්වා දුන්නේය.

ඔහුගේ අදහස වූයේ මෙම රජය ගොවියාගේ ගැටලු හඳුනා ගැනීමට අසමත් වී ඇති බවයි.

මීට අමතරව, ගොවියාගේ අස්වැන්නට නිසි මිලක් නොලැබීම සහ අලි-මිනිස් ගැටුම වැනි පවතින සියලු ප්‍රශ්න වෙනුවෙන් තමන්ට කළ හැකි සෑම විසඳුමක්ම ලබාදීමට කටයුතු කරන බවත්, ඒ සඳහා රජයට බලපෑම් කරන බවත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

මෙම කරුණු අනාවරණය වූයේ මින්නේරිය ආසනය කේන්ද්‍ර කරගනිමින් පැවති “ගමින් ගමට – දොරින් දොරට” විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට සහභාගී වෙමිනි.
© all rights reserved
Designed by LCN Media