Slider

ඇල්ලේ පෙරළුණේ මගී ප‍්‍රවාහන අවලංගු කල බසයක්.. අවසර නිවසේ පාවිච්චියට පමණයි..



ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී පුද්ගලයන් 15 දෙනෙකුගේ ජීවිත අහිමි වීමට හේතු වූ බස් රථය ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් (NTC) ලියාපදිංචිය අවසන් කළ බස් රථයක් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

මෙම බස් රථය 2023 වසරේදී ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් පොදු ප්‍රවාහනය සඳහා වූ ලියාපදිංචියෙන් ඉවත් කර ඇත.

සාමාන්‍යයෙන් පළාත් අතර පොදු ප්‍රවාහන සේවා සඳහා NTC හි ලියාපදිංචි වී අවසර ලබා ගැනීම අනිවාර්ය වේ.

අනතුරට පත් බස් රථයේ හිමිකරු විසින් 2023 වන විට වෙනත් බස් රථයක් වෙනුවෙන් මෙම බස් රථයේ ලියාපදිංචි කර ඇතැයිද ඇමතිවරයා කියයි.

මෙම බස් රථය පොදු ප්‍රවාහනය සඳහා භාවිත නොකරන ලද අතර, එය සාමාන්‍යයෙන් නිවසේ භාවිතය සඳහා වෙනස්කම් කර තිබූ වාහනයක් ලෙස හඳුනාගෙන ඇත. ඒ හේතුවෙන්, මෙම බස් රථය නියාමනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාවට බලයක් නොතිබුණි.

මෙම වාහනයට තිබූ එකම නියාමන ක්‍රියාවලිය වූයේ වසරකට වරක් රියදුරු බලපත්‍රය අලුත් කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණීම පමණි. එම ක්‍රියාවලියේදී වාහනයේ බලපත්‍රය පමණක් අලුත් කිරීම සිදු වන අතර, එය නිසි ලෙස නියාමනය නොවීම ගැටලුවක් බවට පත්ව ඇති බවත් ඔහු සදහන් කරයි.
© all rights reserved
Designed by LCN Media