තුවාල ලැබූ පිරිමි පුද්ගලයින් 06 ක්, කාන්තාවන් 05 ක්, පිරිමි ළමුන් 03 ක් හා ගැහැණු ළමුන් 02 ක් ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුලත් කර ඇත.
තවද බස් රථයේ පිරිස මුදාගැනීම සඳහා සහය වූ පුද්ගලයින් දෙදෙනෙකුද තුවාල ලබා ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුලත් කර ඇත.
අනතුරට පත් පිරිස තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණ නැවත ආපසු යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීර දියතලාව, බදුල්ල හා බණ්ඩාරවෙල රෝහල්වල මෘත ශරීරාගාර තුල තැන්පත් කර ඇත. අනතුරට සම්බන්ධ ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුර විමර්ශන ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.