ඉංග්‍රීසින් විසින් වාණිජ භෝගයක් ලෙස තේ වගාව උඩරට ප්‍රදේශය තුළ ආරම්භ කිරීමත් සමග උඩරට සිට කොළඹ දක්වා දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට මූලික අඩිතාලම වැටුණි. ඒ අනුව 1889 දී දැව භාවිතයෙන්ම කුඩා ගොඩනැගිල්ලක් ලෙස ආරම්භ කෙරුණු මරදාන දුම්රිය ස්ථානය ටික කලකින් මෙරට ප්‍රධානතම දුම්රිය ස්ථානයක් බවට පත්විය.එවකට භාවිතා කළ කොළඹ අත්‍යන්ත දුම්රිය ස්ථානයේ සිට මහනුවර මාර්ගයේ හා දක්ෂිණ මාර්ගයේ දුම්රිය මෙහෙයුම් කටයුතු සිදුකිරීමට අසීරු වීමත් සමඟ මරදානෙ ස්ථිර මෙහෙයුම් සහිත ගොඩනැගිල්ලක් ඉදිකර 1893 ජුලි 12 වන දා මරදාන දුම්රිය ස්ථානයක් ලෙස විවෘත කරන ලදී. එය වේදිකාවකින් ආවරණය වූ දුම්රිය මාර්ගයකින්ද ආවරණයක් රහිත දුම්රිය මාර්ගයකින්ද සමන්විත වී ඇත.
එහෙත් විශාල මගීන් සංඛ්‍යාවක් හා භාණ්ඩ ප්‍රවාහනයේ වැඩි පහසුකම් ඇති කිරීමේ අවශ්‍යතාවයක් පසු කාලීනව පැන නැගිණි. ඒ අනුව එවකට මෙරට සිටි 18 වන බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ජනරාල් සර් ජෝෂෆ් වෙස්ට් රිජ්වේ විසින් සාලි මරික්කාර් නම් ගෘහ නිර්මාණ ශිල්පියා හට මරදාන දුම්රිය ස්ථානයේ ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදී තිබේ. සාලි මරික්කාර් විසින් බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයට අනුකූලව ඉතා කෙටි කාලෙකින් වර්තමානයේ දිස්වෙන මරදාන දුම්රිය ස්ථානය ඉදිකර තිබේ.1908 නොවැම්බර් 09 වන දා සිට විවෘත වූ මරදාන දුම්රිය ස්ථානය වර්තමානය දක්වාම නොනැවතී ශ්‍රී ලංකා දුම්රිය සේවයට මහඟු කාර්යයක් ඉටු කරමින් සිටි.
වර්තමානයේ දුම්රිය මගී යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් මරදාන දුම්රිය ස්ථානයේ පෞරාණිකත්වයට හානියක් නොවන පරිදි, තෝරාගත් කොටස් කිහිපයක් පමණක් “සිහින ගමනාන්තය” (Dream Destination) ව්‍යාපෘතිය යටතේ පෞද්ගලික අංශයේ දායකත්වයෙන් නවීකරණ කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරයි.
