හිටපු ජනාධිපතිවරුන්ට ඔවුනට ගැලපෙන නිවෙස් සොයා දීමට ඔවුන්ගේ ඥාතීහු සහ හිතවත්තුද කටයුතු කරමින් සිටිති.
එසේම හිටපු ජනාධිපතිවරුන්ට රජයෙන් දුන් වාහනද අහිමිවීම හේතුවෙන් තමන්ගේ පාවිච්චියට වාහන සොයා ගැනීමටද සමහරුන්ට සිදුව ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පදිංචිවීම සඳහා සුදුසු නිවසක් සොයමින් සිටින බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට බත්තරමුල්ලෙන් නිවසක් දැනටමත් සොයා ගෙන ඇති බවත් වාර්තාවේ.
හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස තවමත් හරියාකාරව භාරදී නැති අතර ඉදිරි දිනවල එම භාරදීම් කටයුතු සිදු කෙරෙනු ඇත.
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්මත කිරීමෙන් පසු සෑම හිටපු ජනාධිපතිවරයකුටම හිමිවන්නේ රුපියල් 95,000 ක විශ්‍රාම වැටුප සහ ආරක්ෂාව පමණි.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ හේමා පේමදාස මහත්මියට විශ්‍රාම වැටුප අහිමිවී ගියේය. එසේ වූයේ එම වැන්දඹු විශ්‍රාම වැටුප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නොව ජනපතිවරුන්ගේ හිමිකම් පනත යටතේ හිමිවූ එකක් හෙයිනි.
තවද හිටපු ජනාධිපතිවරුන්ට රජයේ බංගලා අහිමිවීමෙන් ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීන්ට නවාතැන් සැපයීමද බරපතළ ගැටලුවක්වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පමණක් රජයේ බංගලා ලබා නොගත් අතර ඔවුන් දැනට පදිංචිව සිටින්නේ ඔවුන්ට අයත් නිවාසවලය. මේ අතර හිටපු ජනාධිපතිවරුන්ගේ බංගලා ලබා ගැනීමට අමාත්‍යාංශ ඇතුළු ආයතන ගණනාවක් ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ.
Lankadeepa