Slider

තවත් පාතාල නායකයන් රොත්තක් කොටු වෙන්න යයි..



කෙහෙල්බද්දර පද්මේ ඇතුළු ප්‍රධාන පෙළේ අපරාධකරුවන් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ වී ඇත.

මෙම මෙහෙයුම මඟින් ඔවුන් සමඟ කටයුතු කළ අනෙක් ප්‍රබල පාතාල සාමාජිකයන් කිහිපදෙනකු ද අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මේ වන විටත්, මෙම අපරාධකරුවන් කොටුකර ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.

කෙහෙල්බද්දර පද්මේ, බැකෝ සමන්, කමාන්ඩෝ සලින්ත, තැඹිලි ළහිරු, සහ කෙහෙල්බද්දර පද්මේ සමඟ සමීප සබඳතා පැවැත්වූ අවිශ්ක නමැත්තා ද මෙම ලැයිස්තුවේ සිටින බව වාර්තා වේ.

මීට අමතරව, කප්පම් ගැනීම්වලට සම්බන්ධ ලලිත් කන්නන්ගර සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් වැනි පුද්ගලයන් ද කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කෙරේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනට රඳවාගෙන සිටින කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සැකකරුවන් පස්දෙනාගෙන් ලබාගත් තොරතුරු මත, ඔවුන් සමඟ ක්‍රියා කළ තවත් පාතාල කණ්ඩායම් සාමාජිකයන් සහ ඔවුන් ගනුදෙනු කළ අනෙකුත් පුද්ගලයන් හඳුනාගෙන ඇත.
© all rights reserved
Designed by LCN Media