Slider

දරුවන්ට ගේන්නේ ඉතාම හොද නීතියක්.. පරාජිතයන්ගේ බොරුවලට අහුවෙන්න එපා…



දරුවන් සම්බන්ධයෙන් ගෙන එන නව නීති හරහා විදුහල්පතිවරුන් ගුරුවරුන් අගතියට පත්වන්නේ යැයි එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ අධ්‍යාපන ක්‍රියාවලියට නූතනත්වයක් ලබාදීමටත් ශික්‍ෂණය සහිත ශිෂ්‍ය ප්‍රජාවක් මෙන්ම වෘත්තීමය භාවය සහිත ගුරු විදුහල්පති සේවයක් නිර්මාණය කිරීමත් වර්තමාන රජයේ අරමුණ බවයි.“පසුගිය 25 වැනිදා දණ්ඩ නීති සංග්‍රහයට අදාළ සංශෝධන කිහිපයක් සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වුණා. අදාළ සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා, අදහස්, යෝජනා ගැන රජය තුළත් ඉන් බාහිරවත් සංවාදයක් නිර්මාණය වෙලා. එය ඉතා සාධනීය තත්ත්වයක්.

ලංකාවේ ගුරුවරු කියලා කියන්නේ දරුවන් වෙනුවෙන් විවිධ කැපකිරීම් කරන පිරිසක්. 1907 වසරේ සිටම දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් විවිධ චක්‍රලේඛ මේ දක්වා නිකුත් කරලා තියනවා.

පරාජිත පිරිස් මේ සම්බන්ධයෙන් අසත්‍ය සහ සාවද්‍ය අදහස් සමාජ ගත කරමින් ඉන්නවා. එවැනි අදහස්වලට නොරැවටෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. අපි හැමදාමත් පාසල් ශිෂ්‍ය ප්‍රජාව සහ ගුරු-විදුහල්පතිවරුන් වෙනුවෙන් පෙනී සිටියේ නිස්සරණධ්‍යාශයෙන්. ඉදිරියටත් ඒක එහෙමයි.”
© all rights reserved
Designed by LCN Media