ACB පවසන්නේ මෙය ඇෆ්ගනිස්ථානයේ ක්‍රීඩා ප්‍රජාවට, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ ක්‍රිකට් පවුලට වූ මහත් පාඩුවක් ලෙස සලකන බවයි.
“මෙම ඛේදජනක සිදුවීමට ප්‍රතිචාර වශයෙන් සහ වින්දිතයින්ට ගෞරව දැක්වීමක් වශයෙන්, ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය එළඹෙන නොවැම්බර් මස අගදී පැවැත්වීමට නියමිත පාකිස්තානය ද සම්බන්ධ වන තුන්කොන් විස්සයි-විස්ස ජාත්‍යන්තර තරඟාවලියට සහභාගී වීමෙන් ඉවත් වීමට තීරණය කර ඇත,” යනුවෙන් මණ්ඩලය සිය තීරණය ප්‍රකාශයට පත් කළේය.
ඇෆ්ගන් දේශීය නිලධාරීන්ට අනුව, මෙම ගුවන් ප්‍රහාර සෘජුවම සිවිල් නිවාසවලට එල්ල වී තිබේ. ටොලෝ නිවුස් වෙත අදහස් දක්වමින් ස්පින් බෝල්ඩක්හි මහජන සෞඛ්‍ය ප්‍රධානී සඳහන් කළේ, “සිවිල් වැසියන්ගේ හානි අතිශයින් ඉහළයි. ඊයේ ගුවන් ප්‍රහාර තවදුරටත් එම සංඛ්‍යා වැඩි කළා. දැන් අපට තුවාලකරුවන් 170 ක් සහ මියගිය 40 ක් සිටිනවා.”