Slider

ඉෂාරා සෙවුවන්දි නේපාලයේදී අල්ලයි…



ගනේමුල්ල සංජීව නමැති අපරාධ කල්ලි ප්‍රධානියාගේ ඝාතනයට සම්බන්ධ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී එරට පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

මෙම සැකකාරිය සමග තවත් පුද්ගලයන් පස් දෙනෙකු නේපාල පොලිසිය විසින් රඳවාගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී උදේ කුමාර වුට්ලර් මහතා ප්‍රකාශ කළේ, අදාළ තොරතුරු සත්‍ය බව තහවුරු කරගැනීම සඳහා නේපාල පොලිසිය හා සම්බන්ධ වෙමින් සිටින බවයි.සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ‘ගනේමුල්ල සංජීව’ ඝාතනයට ලක්වූයේ කොළඹ අධිකරණ සංකීර්ණයක් තුළදී නීතිඥයෙකුගේ වේශයෙන් පැමිණි වෙඩික්කරුවෙකුගේ ප්‍රහාරයකිනි.

පසුව සිදුකළ විමර්ශනවලදී හෙළි වූයේ, වෙඩි තැබීමට භාවිත කළ ගිනි අවිය, සැකකාර ඉෂාරා සෙව්වන්දි විසින් ඉතා සූක්ෂම අයුරින් පොතක් තුළ සඟවා වෙඩික්කරු වෙත ලබා දී ඇති බවයි.
© all rights reserved
Designed by LCN Media