Slider

සාමාන්‍ය ජනතාවට වෙඩි තියන්නේ නෑ.. ජාතික ආරක්ෂාව තහවුරුයි..



සාමාන්‍ය පුරවැසියාට පාරේ බැහැලා යන්නට ඇති නිදහස අද වන විට තහවුරු වී ඇති බවත් ඔහු අවධාරණය කළේය.

සාමාන්‍ය ජනතාවට වෙඩි තියන්නේ නැති බවත්, රටේ ආරක්ෂාව සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වී ඇති බව නිවාස රාජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා පවසයි.වර්තමාන ආණ්ඩුව කිසිදු පාතාල නායකයෙක් ආරක්ෂා නොකරන බවට සරත් මහතා ප්‍රකාශ කළේය.

“මැරයන්ට පොලිස් ආරක්ෂාව දෙන්න බෑ” යැයි ප්‍රකාශ කළ ඔහු, කුඩු ගේන්නන් හට හෝ අපරාධකාරයන්ට පොලිස් ආරක්ෂාව දුන්නොත් රටට කුමක් වේදැයි ප්‍රශ්න කළේය.

අතීතය සිහිපත් කළ රාජ්‍ය ඇමතිවරයා, ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කාලයේදී ගෝනවල සුනිල් නම් පාතාල නායකයෙකුට ලංකාවටම බලපාන සාමදාන විනිශ්ටකාරකම දුන් බවත්, ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුවේදී සොත්ති උපාලි වැනි පාතාල මැර නායකයන් ආරක්ෂා කළ බවත් පෙන්වා දුන්නේය.

නමුත් වත්මන් ආණ්ඩුව එවැනි අපරාධකාරයන්ට, කුඩු වලට හෝ පාතාලයට ආරක්ෂාව ලබා නොදෙන බව අවධාරණය කළේය.

වර්තමාන පාලකයා ළඟ මැර කණ්ඩායම් නොමැති නිසා, එම මැර කණ්ඩායම් හුදකලා වී තමන් අතර ගැටුම් ඇති කර ගන්නා බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.

රටේ මහජන නියෝජිතයෙකුට වෙඩි තබා මරා දැමීම අනුමත නොකරන බව කී නමුත්, “මුන් වපුරලා තල නෙලන්න බෑ” යනුවෙන් සඳහන් කළේය.
© all rights reserved
Designed by LCN Media