Slider

බැන්න වන්නිනායකටත් වැඩ වරදී.. පොලිස් පොඩ්ඩාට නීතිපති සහාය…



ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී පොලිස් නිලධාරියෙකු හා නීතිඥවරයෙකු අතර ඇතිවූ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා වෙනුවෙන් නීතිපතිවරයාගේ සහාය පතන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

මෙම නඩුව  (13) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිත අතර, එයට අදාළව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා රාජ්‍ය නීතිඥවරයෙකුගේ සහාය ද ලබා ගැනීමට නියමිත බව පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.ත්‍රිකුණාමලයේ හින්දු සංස්කෘතික ශාලාවේදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පතිවරයා මෙම ප්‍රකාශය සිදු කළේය.

අදාළ පොලිස් නිලධාරියාට නීතිමය සහාය ලැබෙන්නේදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පොලිස්පතිවරයා පැවසුවේ නීතිමය නියෝජනය සහතික කිරීම සඳහා පියවර ගෙන ඇති බවයි.

“පොලිස් විශේෂ විමර්ශන ඒකකයට භාර දී තිබෙනවා මේ සිද්ධියේදී පොලිසිය නිසි පරිදි, කිසිදු අඩුපාඩුවකින් තොරව ක්‍රියා කළාද කියලා සොයා බලන්න. ඒ සමගම විමර්ශනයක් මේ වන විටත් සිදුවෙමින් පවතිනවා,” යැයි පොලිස්පතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
© all rights reserved
Designed by LCN Media