තම සමාජ ජාල ගිණුමේ ඒ පිළිබඳව ඇය විසින් තබා ඇති සටහන මෙසේය.
'සමාජ මාධ්‍යයෙහි සංසරණය වන මහින්ද රාජපක්ෂ මහතා සමඟ මා පෙනී සිටින ආකාරයේ දැක්වෙන ඡායාරූපයෙහි සිටින්නේ මා නොවන බවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ නිල පිටුවෙහි සඳහන් එකී මංගල උත්සවයට මා සහභාගී නොවූ බවත්, එකී මංගල උත්සවයෙහි මා ආරාධිතයෙකු නොවන බවත් පාක්ෂිකයන් වෙනුවෙන් ලියා තබනෙමි.
යම් හෙයකින් මෙය සංස්කරණය කරන ලද්දක් වේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ද මෙයින් දන්වා සිටිමි'
