පෙත්සම්කරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණි පෙරේරා මහතා සමඟ නීතිඥවරුන් වන ශාන්ත පෙරේරා, ඉෂාර ගුණවර්ධන, හර්ෂණි අබේසේකර සහ සදරුවන් සේනානායක යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.
විහාර හා දේවාල ගම් පනතට අනුව ශ්‍රී දළදා මාලිගාවට අයිති පරම්පරාගත දේපළ පැවරීම, බදු දීම හෝ වෙනත් අයට හිමිකර දීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබුණද, වත්මන් වැඩබලන දියවඩන නිලමේ වන නිලංග දෑල මහතා පසුගිය කාලය තුළදී මාලිගාවේ දේපළ අවභාවිත කර ඇති බවත්, එය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.
