වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේද පැවසූහ.
‘අගමැතිවරිය පවසනවා මේ පනත පාසල් දරුවන් හා ගුරුවරුන් ඉලක්ක කර ගනිමින් ගෙනා පනතක් නොවේය කියලා. ඇත්තතමයි. පාසල් දරුවන් පමණක් පිරිවෙන්වල ලබන දරුවන් හා සාමණේර වහන්සේලා, ළමා නිවාසවල ඇති දැඩි වෙමින් අධ්‍යාපනය ලබන දරුවන් මේ හැමෝම නොවෙයි අධ්‍යාපනය අයත් වෙනවා.
ඒක තමයි අපට තිබෙන ප්‍රශ්නය. සෑම දරුවකුගේම බාරකරුවන්ට එම පනත සම්මත වුවහොත් සිදු වෙනවා දරුවන් යටතේ කටයුතු කරන්න.
ඒ නිසා අනාගත පරපුර වල්මත් කරවන ඒ අශීලාචාර නීතිය වහාම ඉල්ලා අස්කර ගතයුතුයි. තවම එය ඉල්ලා අස්කරගෙන නැහැ.
හිමින් සීරුවේ පනත සම්මතකර ගැනීමයි ඔවුනගේ බලාපොරොත්තුව. ඒ නිසා මේ පනත පරාජය කළ යුතුම පනතක්.
අගමැතිවරිය අපේකම, අපේ ශිෂ්ටත්වය, අපේ සම්ප්‍රදාය ගණන් ගන්නේ නැති නම් රටේ ජනතාව විශ්වාසය නියලා තිබෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් පමණයි. මහා නාහිමිපාණන් වහන්සේලාත් ජනාධිපතිවරයාට මෙහි යථාර්ථය පහදා දිය යුතු වෙනවා’
රෝහණ සමරවීර
ජයන්න නානායක්කාර