එම අවස්ථාවේ සැකකරුගේ ඥාතීන් පිරිසක් පොලිස් ස්ථානාධිපතිවරයා හමු වී සාකච්ඡා කිරමෙන් පසු පොලිස් ස්ථානාධිපතිවරයා සැකකරු අල්ලාගෙන පැමිණි පොලිස් කොස්තාපල්ට උපදෙස් ලබා දී ඇත්තේ සැකකරු මුදා හරින ලෙසයි.
පොලිස් ස්ථානාධිපතවරයා විසින් සැකකරු අමතා පවසා ඇත්තේ නීතීඥයෙකු මාර්ගයෙන් මෝසමක් මගින් අධිකරණය වෙත ඉදිරිපත්වන ලෙසයි.
සැකකරු මුදාහැරීමත් සමග එම පොලිස් ස්ථානයේ සෙසු පොලිස් නිළධාරින් පොලිස් ස්ථානාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි කලකිරිමකින් යුතුව රාජකාරි සිදු කරන අතර, පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙවැනි උපදෙස් හේතුවෙන් රාජකාරි නිසි ලෙස ඉටු කිරිමට නොහැකි තත්වයකට පත් වී ඇති බව එම පොලිසියේ සෙසු පොලිස් නිළධාරින් පවසයි.
හැටන් රංජිත් රාජපක්‍ෂ
ADA