Slider

වැසි දරුණුයි.. ගංවතුර අවදානම් නිකුත් කෙරේ…



පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිත ප්‍රදේශවලට ගංවතුර තර්ජනයක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මහ ඔය ද්‍රෝණියේ ඇතැම් කොටස්වලට සැලකිය යුතු තරම් වර්ෂාපතනයක් ලැබී තිබීම නිසා, ඉදිරි පැය 36ක කාලය තුළ මහ ඔය නිම්නයේ පිහිටි පහත්බිම් ප්‍රදේශවලට සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතී.ඒ අනුව, අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතුය.

දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ සහ මැද කොටස්වලට වැසි ලැබීම හේතුවෙන් මේ වන විට දැදුරු ඔයේ ජල මට්ටම ගංවතුර තත්ත්වයට ආසන්න වෙමින් පවතී.

තවද, දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති අතර, මේ වන විට තත්ත්පරයට ඝන අඩි 16,250ක වේගයකින් ජලය මුදා හැරේ. ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය අනුව මෙම මුදා හැරීම තවදුරටත් වැඩි වීමට ඉඩ ඇත.

මේ නිසා, දැදුරු ඔය ආශ්‍රිත පහත් ප්‍රදේශ වන වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගංවතුර ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

එබැවින්, මෙම ගංවතුර අවදානම් කලාපවල වෙසෙන ජනතාවට සහ එම මාර්ග ඔස්සේ ගමන් කරන රියැදුරන්ට උපදෙස් දෙන්නේ ඉමහත් සැලකිල්ලකින් කටයුතු කරන ලෙසයි.
© all rights reserved
Designed by LCN Media