Slider

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව කල්යයි



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්ට එරෙහිව ගොනුකර ඇති මුදල් විශුද්ධිකරණ නඩුව 2025 දෙසැම්බර් 10 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.ඒ, එම නඩුව ඊයේ (29) කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

2009 – 2013 කාලසීමාව තුළ උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි රුපියල් ලක්ෂ 596කට ආසන්න වත්කම්වල හිමිකාරීත්වය දැරීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.
© all rights reserved
Designed by LCN Media