Slider

නුගේගොඩ සීනි කඩේ දවස් නමයයි.. ආදායම ලක්‍ෂ අටයි.. මේ කර්මාන්ත පුනරුදය නවත්තන්න දෙන්නෑ..



සීනි කතාව වැනි පුංචි කතාවකට ලඝු කර තම ආණ්ඩුවේ කර්මාන්ත පුනරුදය කිසිවෙකුට නවත්වන්න ඉඩ නොතබන බවද ඒ මහතා පැවසීය.

නුගේගොඩ පිහිටුවන ලද සීනි අෙලවිසලෙන් දින අටක් ඉක්ම වෙද්දී විකිණුම් ප්‍රමාණය රුපියල් ලක්ෂ අටයි ඉක්මවා ඇතැයි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසීය.

සාමාන්‍ය වෙළඳපළේ අවස්ථාව නැති වූ විට කෙසේ හෝ වෙළෙඳපොළ ජයගැනීම සඳහා උත්සාහ කරන බවද ඒ මහතා පැවසීය.

කර්මාන්ත අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.
කර්මාන්ත කරණයට හෝ ව්‍යවසායකත්වයට සුදුසු කිසිම තර්කයක් ඉදිරිපත් කරගන්නට විපක්ෂය අසමත් වුණා. බිඳ වට්ටවා තිබූ කර්මාන්ත ක්ෂේත්‍රය නගා සිටුවන්නට අපට හැම පැත්තෙන්ම දැවැන්ත සහයක් ලැබුණා. අප මේ ජයග්‍රහණ ලබා ගත්තේ කණ්ඩායමක් විදියටයි. පැවැති ආර්ථිකය සමඟ ඉදිරියට ඉදිරියට යන්නේ කෙසේදැයි කර්මාන්ත කරුවා සිටියේ දැඩි චකිතයකින්. ව්‍යවසායකයන් සඳහා අවශ්‍ය කරන ධෛර්යය ශක්තිය තිබුණේ නැහැ. ණය ගෙවා ගන්න බැරුව ව්‍යාපාර බැංකු වලට සින්න වෙන්න ගිය ව්‍යවසායකයන් 16000ක් හිටියා. 2025 වැඩ පිළිවෙළේ
ප්‍රධාන කාරණය වුණේ කර්මාන්ත කරුවාට, ව්‍යවසායතයාට විශ්වාසයක් ලබා දීමයි. ඇමරිකා බද්ද හමුවේ විවිධ කතා කියද්දීත් අපනයන ක්ෂේත්‍රයේ ජයග්‍රහණය කරා මෙහෙය වන්නට අපට හැකියාව ලැබුණා. ඒ අනුව සියයට 7ක අපනයන වර්ධනයක් ළඟා කරගෙන තිබෙනවා. නිෂ්පාදන ක්ෂේත්‍රයේ වර්ධනය 9.7ක්. බැංකුවට සින්න වන ණය ප්‍රමාණය සියයට විස්සකින් අඩුවෙලා. මේ වන විට ලංකාවේ කර්මාන්ත කරණයට වඩා සුදුසු භූමියක් හැදී තිබෙන බව කිව යුතුයි.
© all rights reserved
Designed by LCN Media