අදාළ රාත්‍රී සමාජ ශාලාවේ සේවය කළ සේවකයන් තිදෙනෙකුට මෙම කණ්ඩායම විසින් මෙම අමුතු දඬුවම ලබා දී තිබේ. ප්‍රථමයෙන් ඔවුන්ගේ හිසකෙස් සම්පූර්ණයෙන්ම කපා බූ ගා දැමූ මැර කණ්ඩායම, අනතුරුව එම සේවකයන්ට කාන්තා ඇඳුම් අන්දවා, මල් මාලා දමා, බලහත්කාරයෙන් නටවා විනෝද වී ඇති බව පැවසේ.
මෙම අමානුෂික දඬුවම් ලබා දෙන අවස්ථාව, එම කණ්ඩායම විසින් වට්ස්ඇප් ඔස්සේ ඩුබායි හි සිටින බව කියන වැල්ලේ සාරංග නමැත්තාට සජීවීව නැරඹීමට අවස්ථාව සලසා දී ඇති බවටද වාර්තා වේ.
වාර්තා වන ආකාරයට, මීට පෙර අවස්ථාවකදී වැල්ලේ සාරංගගේ ගෝලයන් කිහිප දෙනෙක් එම සමාජ ශාලාවට පැමිණි විට ඇති වූ ගැටුමකට පලිගැනීමක් ලෙස මෙම සේවකයන් තිදෙනාට මෙලෙස දඬුවම් කර ඇත.
