Slider

ශ්‍රී ලන්කන් ණය ගෙවන්න ඩොලර් මිලියන 174ක් (රුපියල් බිලියන 52ක්) අයවැයෙන් වෙන් කලා..



ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ණය පියවන්න ඩොලර් මිලියන 174ක් වෙන් කෙරෙන බව ඇමැති සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අයවැය විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.රාජ්‍ය ආයතන විකිණීම වෙනුවට ආයතන 10 ක ව්‍යවස්ථාපිත ගෙවීම් රජය විසින් බාරගෙන තිබෙනවා. ශ්‍රීලන්කන් ගුවන් සමාගම විකුණන්න තිබුණා. ඩොලර් මිලියන 174 ක් මෙවර අයවැයෙන් ණය පියවන්න යෝජනා කර තිබෙනවා. එය රාජ්‍ය යටතේ තියාගෙන දියුණු කරන්න පියවර ගෙන තිබෙනවා. රාජ්‍ය ව්‍යාපාරව හොද තත්ත්වයට ගැනීම නරක දෙයක් නොවෙයි. රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීම අපි ක්‍රියාත්මක කර තිබෙනවා.
© all rights reserved
Designed by LCN Media