උතුරේ ජනතාව මහවිරු සමරු උළෙලවල් පැවැත්වීම් 20 දා ආරම්භ කොට තිබේ.
මෙම මහවිරු සමරු උළෙලවල් 27 වෙනිදා දක්වා පැවැත්වෙන අතර මේ කාලයෙදි තමනගේ නිවෙස් වලට ආසන්නයේ පිහිටි සුසාන භුමි වලදී හෝ ප්‍රජා ශාලාවලදී යුද්ධයෙන් මිය ගිය පිරිස සමරා ඉටිපන්දම් පහන් දල්වා යුද්ධයෙන් මිය ගිය අයගෙ ඡායාරූපවලට මල් මාලා පලඳවනු ලබයි.මෙම මහවිරු සමරු උළෙලේ ප්‍රධාන උත්සවය 27 වෙනිදා සවස මුලතිව් වෙල්ල මුල්ලිවයිකාල් ප්‍රදේශයේ පිහිටි විශේෂ ස්මාරකය අබියසදී පවතවනු ලබන අතර ඊට ප්‍රධානත්වය යනු ලබන්නේ සාපනය විශ්ව විද්‍යාලයයි.
යාපනය විශ්වවිද්‍යාලය තුළ ද මෙරක් මහවිරු සැමරුම් උළෙලක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
