පළාත් පාලන මැතිවරණයට පසු බලය පිහිටුවීමට ඇතැම් පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා ගත්තද එම පක්ෂ ලේකම්වරුන්ගේ තර්ජන නිසා එම මන්ත්‍රීවරුන් ආණ්ඩුවට සහය නොදීම නිසා එම පළාත් පාලන ආයතන අයවැය පරාජයට පත්වෙමින් ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.එදා හෘද සාක්ෂියට එකඟව තමන් සමග එකතු වූ එම පිරිසට අද සිය හෘද සාක්ෂියට එරෙහිව වැඩ කිරීමට සිදුව ඇති බවත් ඒ මහතා කියයි.
මෙය විශාල ගැටලුවක් නොවන බවත් ගමේ සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා ගමේ ජනතාවගේ ඡන්දයෙන් පත් එම මන්ත්‍රීවරුන්ට සිදුවන බවත් ඔහු අවධාරණය කරයි.
