දේශපාලනිකව මෙය වෙනත් පැත්තකට හරවන්න සංවිධාරාත්මකව පිරිසක් මැදිහත් වූ බවද ඔහු කියා සිටි.
පසුගිය දින කිහිපය තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. මේ ගැන මම ප්‍රථමයෙන් මගේ කනගාටුව ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේ ම මේ සියලු කාරණා පිටිපස්සේ දේශපාලන බලවේගයක් තියෙනවා කියලා අපි දන්නවා.මේ භූමියේ ම හිටපු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරපු මන්ත්‍රීවරියකගේ ආපන ශාලාවක් තිබුණා. ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න ගිය අවස්ථාවේදී තමයි මේ ප්‍රශ්නය මේ විදිහට වර්ධනය වුණේ.
මේක තවදුරටත් විධිමත් වෙලා තිබුණා නම් හොඳයි. ඒ වගේ ම දේශපාලනිකව මේක වෙන පැත්තකට හරවන්න සංවිධානාත්මකව පිරිසක් මැදිහත් වුණ බව අපි දන්නවා,"
