ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන්ගේ උපදෙස් පරිදි ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදාවේ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ පොලීසියේ නිළධාරින්යේ සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට නියමිතය.
සිරිපා මළුව වටා සහ හෙලේ ළංවීමට අපහසු ස්ථානවල එක් රැස්වී ඇති කසළ කමාන්ඩෝ රෙජිමේන්තුවේ බට පිරිස් විසින් එක් රැස් කිරිම (25) දින සිට (29) දින දක්වා සිදු කිරිමෙන් අනතුරුව එම කැලි කසල (29) දින ත්‍රිවිධ හමුදාවේ සහ ස්වේච්ඡා කණ්ඩායම් වලද සහාය ද ඇතිව “විශේෂ ශ්‍රම මෙහෙයුම” කින් නල්ලතන්නිය දක්වා රැගෙන ඒමට නියමිතය.
ඊට අමතරව රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සිවිල් සංවිධාන හා ස්වේච්ඡා කණ්ඩායම් එක්ව සිදු කරන, මහජන සහභාගීත්වය සහිත එක්දින ශ්‍රමදාන වැඩසටහනක් ශ්‍රීපාද උඩමළුවට පිවිසෙන රත්නපුර සියලුම මාර්ග සහ හැටන් මාර්ගය ආවරණය වන පරිදි (29) දින සිදු කෙරේ.
ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහනයට සමගාමීව 2025-2026 වන්දනාවාරයේදි ලිටරයට වඩා අඩු ප්ලාස්ටික් වතුර බෝතල් අලෙවි කිරිම සහ රැගෙන යැම සම්පූර්ණයෙන්ම තහනම් කිරිමටයි මධ්‍යම පරිසර අධිකාරිය විසින් තීරණය කර ඇත්තේ
