විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා, මහජන නියෝජිතයින්, නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ දායක සභාවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවති බවත්, එහිදී එකඟතාවකට එළැඹීමට හැකි වූ බවත් පැවසීය.
මීට අමතරව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලැබුණු පැමිණිල්ලක් සහ භූමියේ මායිම් නිර්ණය කිරීම පිණිස මිනුම් කටයුතු සිදු කිරීමට දිස්ත්‍රික් ලේකම්වරයා විසින් නියෝග ලබා දී ඇති බවද ඔහු අනාවරණය කළේය.
අමාත්‍යවරයා අවධාරණය කළේ, ඇතැම් පාර්ශවයන් මෙම සිදුවීම දේශපාලන වාසි ලබාගැනීමට හෝ ජාතිවාදය හා ආගම්වාදය අවුළුවාලීමට යොදා ගැනීමට උත්සාහ කරන බවයි. කෙසේ වෙතත්, ජාතික ජන බලවේග රජය කිසිදු පුද්ගලයෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොදෙන අතර, ජාතිවාදයට හිස ඔසවන්නට ඉඩ නොදෙන බවත්, ඒ සඳහා අවශ්‍ය සියලු මැදිහත්වීම් හා පියවර ගෙන ඇති බවත් පැවසීය.
