Slider

ආණ්ඩුවට තියෙන්නේ චූටි කැපෑසිටියක්.. හිරුට මොනවත් තරන්න ආණ්ඩුවට බෑ.. උවමනා උනත් බෑ..



වත්මන් ජාතික ජන බලවේග රජයට මර්දනකාරී යාන්ත්‍රණයක් පවත්වාගෙන යාමට අවශ්‍ය කරන කැපෑසිටියක් නොමැති බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

සිය අන්තර්ජාල නාලිකාව ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, රජයට එවැනි මර්දනයක අවශ්‍යතාවක් තිබුණද, එය ක්‍රියාවට නැංවීමට තරම් කැපෑසිටියක් ඔවුන් සතු නොවන බවයි.මෑත කාලීනව 'හිරු' මාධ්‍ය ජාලයේ මෙහෙයුම් සම්බන්ධයෙන් රජය තුළ විශාල නොසන්සුන්තාවක් සහ ඊට එරෙහිව පියවර ගැනීමේ දැඩි උවමනාවක් මතු වී ඇති බව දේවසිරි මහතා මෙහිදී පැවසීය.

මාධ්‍ය මර්දනය පිළිබඳ වර්තමාන කතාබහ නිර්මාණය වී ඇත්තේ එම පසුබිම මත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

රජයේ පොදු ක්‍රියාකාරීත්වය සහ ධාරිතාව සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් දැක්වූ ඒ මහතා, රජයේ සමස්ත ශක්තියම පවතින්නේ ඉතා අවම මට්ටමක බව අවධාරණය කළේය.

"ආණ්ඩුවට මර්දනකාරී යාන්ත්‍රණයක් පවත්වාගෙන යාමට අවශ්‍ය වුණත්, ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය ඔවුන් සතුව නැහැ. පොදුවේ ගත් කල මේ ආණ්ඩුවේ ධාරිතාව විශාල එකක් නොවෙයි. එවැනි අඩු ධාරිතාවක් සහිත ආණ්ඩුවකට මර්දනකාරී යාන්ත්‍රණයක් වැනි සංකීර්ණ ක්‍රියාවලියක් පවත්වාගෙන යාම කිසිසේත්ම කළ නොහැක්කක්," යනුවෙන් ඔහු පවසා සිටියේය.
© all rights reserved
Designed by LCN Media