මගනැගුම මහමැදුර පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව අනාවරණය කළේය.
නත්තල් සහ වසර අවසාන නිවාඩු සමය හේතුවෙන් අධිවේගී මාර්ග පරිහරණය කරන වාහන සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බව සංඛ්‍යාලේඛන මගින් තහවුරු වේ.
දෙසැම්බර් 17 දින දිවයින පුරා අධිවේගී මාර්ගවල ගමන් කළ සමස්ත වාහන ප්‍රමාණය 162,026 කි. මෙයින් 44,013 ක් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය භාවිත කර ඇති අතර, සීදුව පිවිසුමෙන් පමණක් වාහන 17,850 ක් පිටවී තිබේ.
දෙසැම්බර් 23 දින වාහන සංඛ්‍යාව 163,918 දක්වා ඉහළ ගොස් ඇත. එහිදී කොළඹ - කටුනායක මාර්ගයේ වාහන 48,736 ක් ගමන් කර ඇති අතර, සීදුව පිවිසුමෙන් පිටවූ වාහන සංඛ්‍යාව 18,681 කි.
පිටවීමේ දොරටු අසල පවතින තදබදය අවම කරගැනීම සඳහා රියදුරන් පහත ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.
ගාස්තු ගෙවන කවුන්ටරය වෙත ළඟා වීමට පෙර ප්‍රවේශ පත්‍රය සහ අදාළ මුදල් හෝ කාඩ්පත් සූදානම් කර තබා ගැනීම.
මුදලින් ගෙවීමේදී හැකි සෑම විටම අදාළ නිවැරදි මුදලම (Exact amount) ලබා දීමට කටයුතු කිරීම.
කවුන්ටරයේ රාජකාරියේ නියුතු නිලධාරීන් සමඟ අනවශ්‍ය කතාබහක නිරත වීමෙන් වැළකී සිටීම.
සාමාන්‍යයෙන් වාහනයක් ගාස්තු ගෙවා පිටවීමට ගත විය යුත්තේ තත්පර 12ත් 15ත් අතර කාලයක් වුවද, රියදුරන්ගේ අප්‍රමාණවත් සූදානම හේතුවෙන් එම කාලය අනවශ්‍ය ලෙස දීර්ඝ වන බව ඒ මහතා පෙන්වා දුන්නේය.
දැනට කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ පමණක් ක්‍රියාත්මක වන විද්‍යුත් ගාස්තු අය කිරීමේ පද්ධතිය (ETC) භාවිත කරන රියදුරන් ඒ සඳහා වෙන් කර ඇති මංතීරුවලම ගමන් කළ යුතුය. එවැනි රියදුරන් සාමාන්‍ය මංතීරුවලට පිවිසීමෙන් තාක්ෂණික ගැටලු මෙන්ම අනවශ්‍ය පෝලිම් ද නිර්මාණය වන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සිහිපත් කර සිටියේය.
