මෙම තීරණයට අනුව, ඇමරිකානු ඩොලර් මිලියන 350 කට ආසන්න මුදලක් සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිතය.
මෙම එකඟතාවයට එළඹ ඇත්තේ මුදල් අමාත්‍යාංශයේදී අද දින පැවති පරිත්‍යාගශීලීන්ගේ සමුළුවේදීය.
මෙම හමුවට මෙරට සිටින විදේශ දූත මණ්ඩල, ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික හවුල්කරුවන් මෙන්ම ණය සපයන නියෝජිත ආයතන ද සහභාගී වී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හයවන වාරිකය මුදා හැරීමත් සමඟ, මෙතෙක් ශ්‍රී ලංකාවට ලැබී ඇති සමස්ත මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 2.082 දක්වා ඉහළ යනු ඇත.
ශ්‍රී ලංකාව ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ලබා ඇති ප්‍රගතිය විමර්ශනය කිරීම සඳහා සිදු කරන ලද පස්වන සමාලෝචනයට අදාළව සාකච්ඡා කොට, ඊට අනුමැතිය ලබා දීම පිණිස විධායක මණ්ඩලය එළඹෙන 15 වැනි දින රැස්වීමට මීට පෙර සූදානම් කර තිබුණි.
මෙම සමුළුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා යන දෙදෙනාගේ සම සභාපතීත්වයෙන් පැවැත්විණි.
