මහනුවර ජාතික රෝහලට අවශ්‍ය පානීය ජලය ද නොමැතිකමින් රෝගීන් රෝහල් කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවකට මුහුණ දී ඇත. මහනුවර ජාතික රෝහලට අවශ්‍ය පානීය ජල බෝතල් අඛණ්ඩව ලබාදීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව තමන්ට දන්වා තිබෙන බව, මහනුවර ජාතික රෝහලේ නියෝජ්‍ය වෛද්‍ය රවීන්ද්‍ර වැලිවිට මහතා කීය.
එයට අමතරව පෞද්ගලික ආයතන කිහිපයක් මහනුවර ජාතික රෝහලට අවශ්‍ය පානීය ජල බෝතල් දෙන බවට තමන්ට දැනුම් දී ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවැසීය.
මහනුවර නගරයේ උග්‍ර ලෙස පානීය ජල බෝතල් හිඟයක් පවතින අතර, ඇතැම් කුඨ වෙළෙඳුන් රුපියල් 35ක් වන පානීය ජල බෝතලය රුපියල් 100ක් වැනි මිලකට අලෙවි කරන බව ද මහජනතාව චෝදනා කරති.
ජේ.ඒ.එල්. ජයසිංහ
