ඇමතිවරයා පවසන්නේ අනාගතයේදී සහල් පිළිබඳ ප්‍රශ්නයක් එයි කියා කවුරු හෝ සිතා සිටින්නේ නම්, එවැන්නක් ඇත්තේම නැති බවයි.කෙසේ වෙතත්, ඇතැම් අවස්ථාවලදී සමහර සහල් වර්ග රටින් ගෙන්වීමට සිද්ධ වී ඇති බවත් මෙය රටේ වී හෝ සහල් නොමැතිකම හේතුවෙන් සිදු නොවන බව ඔහු පැහැදිලි කළේය.
ඇමතිවරයා පෙන්වා දෙන්නේ සම්බා, නාඩු, කීරි සම්බා වැනි සහල් වර්ග මෙපමණ ප්‍රමාණයක් යැයි නිශ්චිත ඉලක්කවලට අනුකූලව වගා කරගන්නේ නම්, අපට කිසිසේත්ම පිටින් සහල් ගෙන්වීමට සිදු නොවන බවයි.
උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
