ඇමතිවරයා පෙන්වා දෙන්නේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කරන ලද නිවේදනය අනුව ගත් කල, මහනුවර ලංකාවේ වෙනත් ප්‍රදේශයකට ගෙන යාමට සිදුවිය හැකි බවයි.මුල් කාලයේදී කුරුණෑගල නුවර මාර්ගය හා ගලගෙදර ගැටළුව වැනි ප්‍රධාන මාර්ග ගැටලු සකස් කර ගැනීමට හැකි වුවද, දැන් ඉදිරියේදී පාසල් ආරම්භ කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් බවට පත්ව ඇති බව ඔහු සඳහන් කරයි.
කෙසේ වෙතත්, මෙම තීරණ විශ්වාසනීයව ගැනීමට නොහැකි බවත්, ඉලක්කය විය යුත්තේ සුරක්ෂා මධ්‍යස්ථාන වැඩි කිරීම නොව ඒවා අඩු කර, ජනතාව සාමාන්‍ය ජන ජීවිතයට යොමු කරවීම බවත් ඇමතිවරයා පවසයි.
එහෙත්, NBRO නිවේදනය අනුව, පාසල් ආරම්භ කිරීමට කටයුතු කළහොත්, පාසල්වලට තවදුරටත් ජනතාව ගෙන ඒමට සිදුවනු ඇතැයි ඔහු අනතුරු අඟවයි.
පදිංචි කරන්නේ කොතැනද, සුරක්ෂා මධ්‍යස්ථාන තබා ගන්නවාද නැද්ද, ඉස්කෝලේ පටන් ගන්නවාද නැද්ද සම්බන්ධයෙන් නිශ්චිත ක්‍රියාමාර්ග ගැනීමට අපහසු වී ඇත්තේ NBRO හි නිසි නිර්දේශ නොලැබීම හේතුවෙන් බව ඔහු පෙන්වා දෙයි.
මේ වන විට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය තීරණාත්මක තත්ත්වයකට පත්ව ඇති අතර, පහුගිය දිනවල ක්‍රියාත්මක වූ කණ්ඩායම් අටක් තිබුණත්, එය ප්‍රමාණවත් නොවන බවත්, එම සංඛ්‍යාව දැන් වැඩි කර ඇතත් එය ද ප්‍රමාණවත් නොවන බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගයක් ලබා ගනිමු ද යන යෝජනාව පවා සාකච්ඡාවට බඳුන් වූ බව ඇමති ලාල් කාන්ත මහතා පවසයි.
සාකච්ඡාවේදී මතු කරන ලද ප්‍රධාන ඉල්ලීම වූයේ, සමස්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයම වෙනත් ස්ථානයකට ගෙන යාමට නොහැකි බැවින්, අත්‍යාවශ්‍යම නිශ්චිත ආරක්ෂිත ස්ථාන ටික ලබා දෙන ලෙසයි.
