පසුව මිහින්තලා රජමහ විහාරාධිපති නාහිමියන් ස්ථාවර දුරකථන ඇමතුමකින් මිහින්තලේ පොළිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධ කරගෙන මෙම සිද්ධිය දැනුම් දී තිබේ.
ඊට ප්‍රතිචාර දක්වමින් මිහින්තලේ පොලිස් ස්ථානාධිපතිවරයා මිහින්තලා නාහිමියන් වෙත දන්වා ඇත්තේ තමා පමණක් පොලිසියේ සිටින බැවින් අදාළ සිද්ධිය වූ ස්ථානයට යැවීමට කිසිදු පොලිස් නිලධාරියකු නොමැති බවයි.
පසුව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නිල ජංගම දුරකථනයට අමතා ඇති මිහින්තලා විහාරාධිපති නාහිමියන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කර තිබේ.
මෙම අවස්ථාවේදීම මිහින්තලා රජමහ විහාරාධිපති හිමියන් පොලිස්පතිවරයා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී සිටින අතරතුර, උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සමුහ දුරකථන සංවාදයකට සම්බන්ධ කර ඇති පොලිස්පතිවරයා වහාම මිහින්තල රජමහ විහාරාධිපති හිමියන්ගේ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබේ.
ඒ අනුව උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහ අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මතමිහින්තලේ පොලිසිය මඟින් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය පළා පාලන මැතිවරණයට මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ නාමල් වැව කොට්ඨාසයට ජාතික ජන බලවේගය පක්ෂයෙන් තරග කළ අවිෂ්ක ඉමේෂ් සේනාධිර සහ තවත් සැකකරුවකු වන ඩබ්ලිව්. ඩී. සුමේධ ලක්ෂිතයන සැකකරුවන්ය.
ඔවුන් මිහින්තලය කඳුවටාපාර සහ කුමාරසිගම පදිංචිකරුවන්ය.
අනුරාධපුර අධිකරණ - උපාලි ආනන්ද
