Slider

රාත‍්‍රියට නුවරඑලි යන්න සීමා පනවයි...


රාත්‍රි කාලයේ නුවරඑලියට පිවිසෙන ගම්පොළ නුවරඑලිය මාර්ගයේ රථවාහන ධාවනය නොකරන ලෙසට නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.


නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි මාධ්‍යට අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරිය ඒ බව පැවසීය.

වාහන ධාවනයට විවෘත කරල ලද ගම්පොළ නුවරඑලිය ප්‍රධෘන මාර්ගයේ කටු කිතුල ප්‍රදේශියේදි ආපසු ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටි ඇති බවත්, පවත්නා කාලගුණය අනුව තවදුරටත් මාර්ගවලට පස් කදු කඩා වැටීමේ අවධානමක් පවතින නිසා එම තීරණය ගත් බවයි දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ.

දිට්වා සුලි කුණාටුවෙන් ආපදාවට පත් නුවරඑලිය දිස්ත්‍රික්කයේ ආපදාවට පත් සියලු ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු පහසුකම් සලසා ඇති බවත්, ආපදාවට පත් සහ ආපදාවට පත් නොවු ඇතැම් පිරිස් රජය අපහසුතාවයට පත් කිරිමේ අරමුණින් සිදු කරන ඇතැම් ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසිය.

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ,

වලපනේ මන්දාරම්නුවර ප්‍ර දේශයේ මාර්ගය අවහිර වී තිබියදි ගුවන් මගින් පවා අවතැන් වුවන්ට ආහාර ද්‍රව්‍ය යොමු කල බවත්, මාර්ගය යථා තත්වයට පත් කිරිමෙන් අනතුරුව අවශය ආහාර ද්‍රව්‍ය සියල්ලක්ම යොමු කර තිබියදීත් කිසිදු සහනාධාරයක් නොලැබුන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පුද්ගලයන් සිදු කරන ප්‍රකාශ පදනම් විරහිත ප්‍රකාශ බවයි.

ආපදාවට පත් ප්‍ර දේශවල ප්‍රාදේශීය ලේකම්වරුන් දිවා රාත්‍රි දෙකේ කැපවිමෙන් කටයුතු කර ආපදාවට පත් ජනතාවට තව දුරටත් කටයුතු කරමින් සිටින බවත්, සියලු දෙනා එකා මෙන් කටයුතු කර ආපදාවෙන් සහන නොලැබුණ යම් පිරිසක් සිටි නම් එම පිරිසට අවශය සහන ලබා දි යලිත් නැගි සිටිමට සියලු දෙනා එකා මෙන කටයුතු කල යුතු බවයි දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ           

© all rights reserved
Designed by LCN Media