කැනඩාවේ පළාත් පාලන ආයතනයක් විසින් අපේ රට දෙකඩ කර ‘සීමා’ පෙන්වමින් කරන ලද නින්දිත බෙදුම්වාදි ක්‍රියාව මෙරට භෞමික අඛණ්ඩතාවට කරන ලද ද්‍රෝහි ක්‍රියාවක් බව දේශප්‍රේමි මුස්ලිම් පෙරමුණේ ක්‍රියාකාරික එක්සත් සාම සන්ධානයේ මහ ලේකම් කොළඹ හිටපු නාගරික මන්ත්‍රි කලිලුර් රහ්මාන් මහතා පැවසීය.
එදා මේ රටේ එල්. ටී. ටී. ඊ. කොටි ත්‍රස්තයන් කුරිරුකම් කළේ බෞද්ධ ජනතාවගේ පන්සල්වලට, මුස්ලිම්වරුන්ගේ පල්ලිවලට හා අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීමට බව කැනඩාවේ රජයටත් එම පහත් ක්‍රියාව කළ පළාත් පාලන ආයතනයටත් මතක්කර දිය යුතු බව ද ඔහු කීය.
කොළඹ පිහිටි කැනඩා තානාපති කාර්යාලය ඉදිරිපිට පැවති ‘කැනඩා’ විරෝධයට එක්වෙමින් ඔහු මේ බව කීය.
‘ඊළම’ එදා පෙන්වපු අන්දමට කැනඩාවේ ස්මාරකයක් හදා විවෘත කළා. එය වහාම ඉවත් කරගත යුතුයි. ත්‍රස්තවාදී අරමුණක් වෙනුවෙන් ඔවුන් ක්‍රියාකර තිබෙනවා. කැනඩාව සුද්දන්ගේ රටක් නම් ඔවුන් මුලින් ප්‍රජාතන්ත්‍රවාදයට වෙනත් රටක භෞමික අඛණ්ඩතාවට ගරු කළ යුතුයි. ජිනීවාවල මානවහිමිකම් ගැන ‘බොරු’ බේගල් ඇද බාලා වැඩක් නැහැ රටක මානවහිමිකම් ඔවුන් ක්‍රියාවෙන් කෙළසන විට. එම නිසා අපට පැහැදිලිව පෙනෙනවා කැනඩාව කවුරුන් වෙනුවෙන් ද පෙනී සිටින්නේ කියලා.
මේ කරපු දේ අමතක කර දමලා හරියන්නේ නැහැ. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මීට වඩා දැඩි පියවර ගත යුතුයි. නැතිනම් ඒක මේ රටට කරන ද්‍රෝහිකමක් යැයි ද ඔහු කීය.
එම විරෝධතාවට එක්වූ සමහරු අත කොල්ලුපිටියේ කැනඩා තානාපති කාර්යාලය පිහිටි 5වැනි පටුමඟ ‘වීර සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව පාර’ ලෙස නම් කරන ලෙස ඉල්ලන පුවරු ද අත තිබිණි. විශාල පිරිසක් මීට එක්ව සිටියහ.
කමල් බෝගොඩ