ඩුබායි සිට ගම්පහ දිස්ත්‍රික්කයට මත් කුඩු බෙදා හරින එම ජාවාරමේ ක්‍රියාකාරීන් කැලණිය ප්‍රදේශයේ තරුණ තරුණියන්ට මත්කුඩු ණයට ලබාදී ණය නොගෙවා සිටින තරුණයන් මෙම වධකාගාරයට ගෙනැවිත් කෲර ලෙස වධ හිංසා පමුණුවන බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.
මෙම ක්‍රියාවලිය කලක් තිස්සේ සිදුකරගෙන ගොස් ඇති අතර ප්‍රදේශ වාසීන්ගේ දැනුම්දීමකට අනුව පෑලියගොඩ පොලිසිය විසින් මෙම වැටලීම සිදු කරන අවස්ථාවේදී වධ බන්ධනයට ලක්වූ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙන අතර තවත් පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවද පෑලියගොඩ පොලිසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මත්කුඩු ණයට ලබාගෙන මුදල් ගෙවීම පැහැර හරින තරුණයන් මෙම ප්‍රදේශයේ පවතින පාළු ඉඩමකට ගෙන්වා මෙලෙස වධ බන්ධනය සිදුකර තිබෙන බවට පෑලියගොඩ පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
මෙම ඉඩම දැනට ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට අයත් ඉඩමක් බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර දැනටමත් එම ව්‍යාපාරිකයන් දෙදෙනාට මේ පිළිබඳව දැනුම් දී ඇති බවද පෑලියගොඩ පොලිසිය ප්‍රකාශ කරයි.අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පෑලිගොඩ පොලිසිය විසින් සිදු කරයි.