Slider

ඇමරිකාව ශිෂ්‍ය වීසා දීමට විදෙස් සිසුන්ගේ සමාජ මාධ්‍යයත් පරීක්‍ෂා කරයි



ඇමරිකාවේ අධ්‍යාපනය ලැබීම සඳහා පැමිණීමට බලාපොරොත්තු වන විදේශීය සිසුන්ගේ සමාජ මාධ්‍ය පරීක්ෂාවට ලක් කිරීමට ඇමරිකානු රජය තීරණය කර ඇත.


ඒ අනුව වීසා අයදුම්පත් සමග සමාජ මාධ්‍ය පරීක්ෂාව ද සිදුවනු ඇත. මේ හේතුව නිසා නව ශිෂ්‍ය වීසා සම්මුඛ පරීක්ෂණ නතර කිරීමට නියෝග කර තිබේ. පසුගිය සතියේ ඇමරිකානු රජය හාවඩ් විශ්වවිද්‍යාලයට විදේශිකයන් ඇතුළත් කර ගැනීමේ හැකියාව අවලංගු කළේය. හාවඩ් විශ්වවිද්‍යාලය වාමාංශික වීම ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කෝපයට හේතුවක් වී තිබේ.

චතුර පමුණුව
© all rights reserved
Designed by LCN Media