මෙවර තරගාවලිය හෙට සිට ලබන සෙනසුරාදා (31) දක්වා දකුණු කොරියාවේ ගූමී පුරවරයේ දී ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ එකතුව 20 කි. එම කණ්ඩායමට අයත් ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් පෙරේදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් පිටත්ව ගිය බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය නිවේදනය කළේය.
රසාරා විජේසූරිය (මීටර් 5.000 සහ 10.000) දිල්හානී ලේකම්ගේ (හෙල්ල විසිකිරීම), නිෂේන්ද්‍රා ද සිල්වා (මීටර් 400, 400 X 4 සහ 400 X 4 මිශ්‍ර) නදීෂා රාමනායක (මීටර් 400, 400 X 4 සහ 400 X 4 මිශ්‍ර), එල්. සයුරි මෙන්ඩිස් (මීටර් 400 X 4 සහ 400 X 4 මිශ්‍ර), ජයෙෂී උත්තරා (මීටර් 400 X 4 සහ 400 X 4 මිශ්‍ර), ජිත්මා විජේතුංග (මීටර් 400 X 4 සහ 400 X 4 මිශ්‍ර) යන ක්‍රීඩීකාවන් සහ යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් (මීටර් 100, 200 100 X 4), චමෝද් යෝධසිංහ (මීටර් 100,100 X 4), කාලිංග කුමාරගේ (මීටර් 200, 400, 400 X 4 මිශ්‍ර) එස්. අරුණ දර්ශන (මීටර් 400, 400 X 4 X 400 X 4 මිශ්‍ර), ලෙසදු අර්ථවිඳූ (උස පැනීම), සුමේධ රණසිංහ (හෙල්ල විසිකිරීම), රොමේෂ් තරංග (හෙල්ල විසිකිරීම), මෙරෝන් විජේසිංහ (මීටර් 100 X 4), දිනෙත් වීරරත්න (මීටර් 100 X 4), චමෝද් දිසානායක (මීටර් 100 X 4), සදෙව් රාජකරුණා (මීටර් 400 X 4 මිශ්‍ර), කල්හාර ඉන්දුප (මීටර් 400 X 4 මිශ්‍ර), ඔමෙල් සසින්ත සිල්වා (මීටර් 400 X 4 මිශ්‍ර) යන ක්‍රීඩකයින් මෙවර ජාතික මලල ක්‍රීඩා කණ්ඩායමට අයත් වෙති.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු මෙන්ම ක්‍රීඩීකාවන් භාර නිලධාරිනිය ලෙස අයිරාංගනී රූපසිංහ මහත්මිය නම් කර ඇති අතර තරග සංචාරයට එක් වන පුහුණුකරුවන් සංඛ්‍යාව 04 කි. අයි. එම්. රණසිංහ, ලාල් විජේවික්‍රම, ටෝනි ප්‍රසන්න සහ කලෝඩියෝ ලුසියාර්ඩෙලෝ එම පුහුණුකරුවන් වෙති.
අනුරුද්ධ හේරත් බණ්ඩාර
