අල්ලස් කොමිසම විසින් පැවරූ නඩුවකට අදාළව ඉකුත් දා බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් නියම වූ මහින්දානන්ද අලුත්ගමගේ සහ හිටපු වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු යන දෙදෙනාට තවත් නඩුවක් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබෙන බවත් ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්ද මල්ලවාරච්චි ද එම නඩුවේ විත්තිකරුවෙක් බවත් ඔහු සඳහන් කළේය.
හිටපු ඇමැතිවරුන් වන ඩිලාන් පෙරේරා, විමල් වීරවංශ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් මුසම්මිල් විසින් කර ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවන්ට අදාළ විමර්ශන අවසන් කර මේ වනවිට නීතිපතිවරයා වෙත යොමුකර තිබේ.
මෙලෙස නීතිපතිවරයා වෙත යොමු කරන ලද ඇතැම් ගොනුවලට අදාළ විමර්ශන අවසන් කර තිබුණ ද ඊට අදාළ ඉදිරි නීතිමය පියවරයන් ගෙන නොතිබූ බවත් වසර හයක පමණ කාලයක් තිස්සේ අතරමග නැවතී තිබූ විමර්ශනවලට අදාළ ගොනු නඩු පැවරීම ඇතුළු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර තිබෙන බවත් ඉහත කරුණු දැක් වූ නිලධාරියා කීවේය.
ඉෂාර රත්නකාර
Aruna
