පෙරේදා (26දා) දුම්රිය රැසක් ධාවනය කිරීමට නොහැකි වූයේ රියැදුරන් කිහිපදෙනකු ඉරිදා (25දා) නිවාඩු දැමීම නිසා බවත්, ඉරිදා දුම්රිය ධාවනය කර ගමනාන්තයේ සිට සඳුදා එම දුම්රිය නැවත ධාවනය කරවීමට රියැදුරන් නොමැතිවීම නිසා එම ගැටලුව ඇති වූ බවත් පැවසූ ඒ මහතා ඊයේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනයන් වූ බව ද කීය.
දුම්රිය රියැදුරන් බඳවා ගන්නා ලෙස වසර ගණනක සිට ඉල්ලීම් කර තිබෙන බවත්, රියැදුරන් 140ක් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවූ අවස්ථාවේ 600කට ආසන්න අයදුම්පත් ලැබී ඇතත් ඊට අදාළ විභාගය පවත්වන දිනයක් හෝ මේ දක්වා තීරණය කර නැතැයි ද හෙතෙම පැවසීය.
දුම්රිය රියැදුරෙක් බඳවා ගත්ත ද එම පුද්ගලයා වසර 03ක් සහායක රියදුරුව සිට දුම්රිය රියැදුරකු ලෙස වගකීම් භාරගන්නා අතර දැනට සිටින දුම්රිය රියැදුරන් මේ වසරේ විශ්‍රාම යෑමත් සමග මේ ප්‍රමාණය ද අඩුවන බව ඔහු කීය.
නවක දුම්රිය රියැදුරන් බඳවාගන්නා තෙක් දැනට සිටින රියැදුරන්ගේ විශ්‍රාම කාලය වසර 63 දක්වා දික්කර තාවකාලික විසඳුමක් ලබාගත හැකි බව ද ඒ මහතා කීය. විශ්‍රාම ගිය රියැදුරකු නැවත බඳවා ගතහොත් ඔහුගේ විශ්‍රාම වැටුප, බඳවා ගැනීමේ දීමනාව සහ එයට ලබාදෙන අතිකාල දෙස බැලීමේදී විශ්‍රාම ගිය රියැදුරන් නැවත බඳවා ගන්නවාට වඩා දැනට සිටින රියැදුරන්ගේ සේවා කාලය අවුරුදු 63 දක්වා දික්කිරීම සුදුසු බවද ඔහු කීය.
එක් රියැදුරකු දිනක් නිවාඩු ගතහොත් දුම්රිය දෙකක් අවලංගු වන්නේ එම රියැදුරා විසින් දුම්රිය ආරම්භක ස්ථානයේ සිට ගමනාන්තය දක්වා ගොස් නැවත එම ස්ථානයේ සිට වෙනත් ගමනාන්තයක් දක්වා ගමන් කරන බැවින් බව ද ඒ මහතා කීය.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ දුම්රිය සති දෙකක් ධාවනයෙන් ඉවත් කර තැබීමක් ගැන බලධාරීන් ප්‍රකාශ කළත් දුම්රිය දිනක් ධාවනය නොකිරීමෙන් රුපියල් ලක්ෂ 70ත් 80ත් අතර පාඩුවක් සිදුවන බවයි. වර්තමානයේ හඳුන්වාදී තිබෙන ඔන්ලයින් (ධබකසබැ) ක්‍රමවේදය නිසා දිනක් දුම්රිය ධාවනය නතරකළ හොත් සිදුවන පාඩුව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත්, හඳුන්වාදී ඇති ඔන්ලයින් ක්‍රමවේදය නිසි ක්‍රමවේදයකට සකස් කර නොමැති නිසා දුම්රියට පාඩුවක් සිදුවන බවත් ඔහු කියා සිටියේය.
චමින්ද සිල්වා