සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබිණි.
විදේශගතව සැඟවී සිටින පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ නමැත්තාට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර තුනක් සකස් කර දීමට ආධාර අනුබල දුන් බව කියන සහකාර ආගමන විගමන පාලකවරයකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (26 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
එම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත මෙම ආගමන විගමන නිලධාරියා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
සැකකරුගෙන් මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යයි.
මීට ඉහත දී ද කෙහෙල්බද්දර පද්මේ නමැත්තා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර 03ක් සකස් කර තිබූ බව විමර්ශනවලින් හෙළි වී ඇත.
පාතාල නායක ගණේමුල්ලේ සංජීව අධිකරණ ශාලාව තුළ දී ඝාතනය කිරීම ඇතුළු මිනිස් ඝාතන රැසකට කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධ බව පොලිසිය පවසයි.
හේමන්ත රන්දුණු, ඒ.ජේ.ඒ. අබේනායක