පසුගිය මාස් කන්නයේ රජයේ සහතික මිල අබිබවා පෞද්ගලික අංශය වැඩි මිලට වී මිලදී ගැනීම නිසා පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි බව සහල් කර්මාන්තකරුවන් පැවසුවද රජය ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමුකර නැතැයි හෙතෙම චෝදනා කළේය. සම්බා සහ නාඩු සහල් මේ වනවිට වෙළෙඳුන් පාලන මිලට වඩා වැඩි මිලට අලෙවි කළ ද පාරිභෝගික අධිකාරිය මුනිවත රැකීම කනගාටුවට කරුණක් බව ඒ මහතා පැවසීය.
මේ තත්ත්වය යටතේ වෙළෙඳපොළේ සහල් කළමනාකරණය කිරීමේ රජය සතු අධිකාරී බලය අත්හැර දමා ඇති අතර ව්‍යාපාරිකයන්ගේ මිලට යටත්ව, නැවත සහල් පාලන මිල ගැසට්ටුවක් නිකුත් කිරීමට රජය කටයුතු කරනු ඇතැයි ද අනුරාධ තෙන්නකෝන් මහතා විශ්වාසය පළ කළේය.
සුජීව තත්සර
Divaina