සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 220 ඉක්මවා අලෙවි වෙමින් ඇති අතර තරමක් විශාල පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 250 ඉක්මවූ මුදලකටයි.
වෙලදුන් සඳහන් කරන්නේ සැපයුම අඩුවීම මත තොග වෙළදුන් මිල ඉහළ දමා ඇති බවත් ඒ හේතුවෙන් සිල්ලර මිලද ඉහළ ගොස් ඇති බවත්ය.
මේ අතර වෙළඳපලේ සහල් වර්ග කිහිපයකද මිල ඉහළ ගොස් තිබේ.
දේශීය නාඩු, රතු කැකුළු හා සුදු කැකුළු හැර අනෙක් සහල් වල මිල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.