Slider

ගාලු කොටුවේ හමුදා කදවුර ඉවත් කිරීමට ආරක්‍ෂක ලේකම් නිර්දේශ කලැයි කීම බොරුවක්…



ගාල්ල කොටුවේ යුද හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක ලේකම්වරයා නිර්දේශ කර ඇති බවට පලවන වාර්තා නිවැරදි නැතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. එවැනි එකඟතාවක් මේ වන තෙක් ආරක්‍ෂක ලේකම්වරයා පළකර නොමැති බවද ආරක්ෂක අමාත්‍යාංශය කියයි.


අදාල කදවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්‍ෂක ලේකම්වරයා නිර්දේශ කලේ යයි ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී එහි සභාපති අමාත්‍ය නලින් ‍හේවගේ මහතා පවසා තිබින.
© all rights reserved
Designed by LCN Media