Slider

Starlink මෙරට ප‍්‍රමාද වෙන්නේ ගිය ආණ්ඩුවේ වරදින්



එලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව මෙරට ක‍්‍රියාත්මක වීම ප්‍රමාද වෙමින් පවතින්නේ පසුගිය රජයේ පාලන සමයේදී ඇති කරගත් ගිවිසුම්වල ඇති වූ යම් යම් තාක්ෂණික ගැටළු හේතුවෙන් බව කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අප්‍රේල් මාසය වන විට මෙම කරුණු විසඳා ගත හැකි වනු ඇතැයි කලින් අපේක්ෂා කළ බවත් ඒ මහතා පැවසුවේය.

අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී එම ව්‍යාපෘතියේ ප්‍රමාදය පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කලේය.
1
( Hide )

© all rights reserved
Designed by LCN Media