මේ වන විටත් ඊශ්‍රායලය සහ ඉරානය අතර ප්‍රහාර දිගින් දිගටම සිදුවෙමින් පවතී.
ඉරානයට පහරදීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා එරට ප්‍රධාන පෙළේ උපදේශකයන් ඇතුළු පිරිසගෙන් විමසීමකදී මත ගැටුම් ඇතිවී තිබෙන බව වාර්තා වේ.
ඉරානය ස්ථිර වශයෙන්ම න්‍යෂ්ටික අවියක් නිපදවන්නේදැයි නොදැන ඒ සම්බන්ධයෙන් පහරදීම සුදුසු නොවන බව ඔවුන්ගේ අදහස වී ඇත.
එසේම, ඇමරිකානු ජනාධිපතිවරයාට ලැබී ඇති ජනවරම ඇමරිකානු ආර්ථිකය ගොඩනැගීම මිස තවත් යුද්ධයක පැටලීම නොවන බවද ඔවුන් පෙන්වා දී තිබේ.
ජනාධිපති ට්‍රම්ප්ට තම ධූර කාලය තුළ ඇමරිකානු බදු මුදල් තවත් අමතර යුද්ධයක් සඳහා වියදම් කරන්නේද, එසේ නොමැතිනම් තමන් පොරොන්දු වූ පරිදි ඇමරිකානු ආර්ථිකය ගොඩනගන්නේද යන්න පිළිබඳව තීරණයක් ගැනීමට සිදුව ඇත.
මේ අතර, ඉරානයෙන් දිගින් දිගටම එල්ල වන මිසයිල ප්‍රහාර වැළැක්වීම සඳහා පවතින මිසයිල නාශක පද්ධති සඳහා අවශ්‍ය සැපයුම් දැඩි ලෙස අඩාල වී ඇති අතර, ඒවා යළි සපයා ගැනීමට මාස ගණනාවක් බලා සිටීමට සිදුව තිබේ.
සමහර මාධ්‍ය වාර්තා අනුව, ඊශ්‍රායලය දෛනිකව යුද්ධය සඳහා ඩොලර් බිලියනයකට අධික මුදලක් වැය කරන බව සඳහන් වේ. මෙම තත්ත්වය මත ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම් ආයතන කිහිපයක් විසින් ඉදිරි වසර සඳහා ආර්ථික වර්ධන පුරෝකතන පහත දමා ඇත.