Slider

ජනාපති ලේකම්ගෙන් රහස් පොලිසියට පැමිණිල්ලක්.. ජනාධිපති අපකීර්තියක් කල අය සොයයි..



ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජර්මනි නිල සංචාරය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු පැතිරවීමට තැත් කළ පුද්ගලයන් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මියට දැනුම් දී ඇත.ජනාධිපතිවරයාගේ අතිරේක ලේකම් ජී. සුභාෂ් චමින්ද රොෂාන් මහතා විසින් මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර ඇත.

ජනාධිපතිවරයාගේ ජර්මානු සංචාරය අතරතුර හිටපු කොටි නායකයෙකු හමු වන බවට වූ අසත්‍ය ප්‍රකාශයක් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් මාධ්‍ය හමුවකදී ප්‍රසිද්ධියේ සිදු කර ඇකි බවත් මෙම ප්‍රකාශය විවිධ මාධ්‍ය ආයතන සහ අන්තර්ජාලය හරහා පුළුල් ලෙස බෙදා හැර ඇති බවටත් පරීක්‍ෂණ නිලධාරීන් කරුණු වාර්තා කලහ.

මෙම ප්‍රකාශය ජනාධිපතිවරයා අපකීර්තියට පත් කිරීමේ සහ රජයට අපහසුතාවයක් ඇති කිරීමේ අරමුණින් සිදු කර ඇති බවට ද නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළහ.විමර්ශනයේ ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.



© all rights reserved
Designed by LCN Media